sangayanawa

ප්‍රථම භාෂා සංඝායනාව

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම භාෂා සංඝායනාව 2016 සැප්තැම්බර් මස 20, 21 හා 22 යන දිනවලදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. ප්‍රවීන මහාචාර්යවරුන් වන, මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා, මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා, මහාචාර්ය සඳගෝමි කෝපරහෙවා මහතා, ගුණසේන විතාන මහතා, ගාමිණි සුමනසේකර මහතා, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ  සභාපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා,  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ හිටපු සභාපති සරත්චන්ද්‍ර වන්නියාරච්චි මහතා හා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේඛම් උපාලි වනිගසුරිය මහතා සහභාගීත්වයෙන් පැවැත්වේ.

 

පළමු දිනය

  • අරමුණ පැහැදිලි කිරීම – ගාමණී සුමනසේකර මහතා

 

  • මුලාසනය – මහාචාර්ය විමල් ජී. බලගල්ල මහතා
  • පළවන මාතෘකාව – බසක නිවැරදි වහර යනු කුමක්ද?
  • දේශක – මහාචාර්ය ජේ. බී. දිසානායක
  • වෙලාව – පෙරවරු 30 සිට මධ්‍යහන 12.00 දක්වා
  • සාකච්ඡාව මධ්‍යහන 12.00 සිට පැවරු 1.00 දක්වා

 

  • මූලාසනය – මහාචාර්ය රත්නසිරි අරංගල මහතා
  • දෙවන මාතෘකාව – අක්ෂර වින්‍යාසය සහ නණලළ භේදය
  • දේශක – මහාචාර්ය සඳගෝමි කෝපරහෙවා මහතා
  • වෙලාව – පස්වරු 00 සිට පස්වරු 4.00 දක්වා

 

දෙවන දිනය

  • මුලාසනය – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
  • පළවන මාතෘකාව – කටවහර ලිවීමට ගත හැකිද?
  • දේශක – මහාචාර්ය කේ. එන.ඕ. ධර්මදාස මහතා
  • වෙලාව – පෙරවරු 10.00 සිට පෙරවරු 11.30 දක්වා
  • සාකච්ඡාව පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා

 

  • මූලාසනය – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
  • දෙවන මාතෘකාව – සිංහල භාෂාව ඉගැන්වීම
  • දේශක – මහාචාර්ය කේ. එන.ඕ. ධර්මදාස මහතා
  • වෙලාව – පස්වරු 30 සිට පස්වරු 3.00 දක්වා  සාකච්ඡාව පස්වරු 12.00 සිට පස්වරු 4.30 දක්වා

 

තුන්වන දිනය

  • මුලාසනය – ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතා
  • මාතෘකාව – ජනමාධ්‍ය සඳහා භාෂා භාවිතය
  • දේශක – ගාමිණී සුමනසේකර මහතා
  • වෙලාව – පෙරවරු 12.00 සිට පෙරවරු 11.30 දක්වා

 

  • මුලසුන – මහාචාර්ය විනී විතාරණ මහතා
  • ගීත සාහිත්‍ය – මහාචාර්ය සුලින් ආරියරත්න මහතා
  • කවිය – රත්න ශ්‍රී විජේසිංහ මහතා
  • නවකතා – සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය