fullmoon

වප් පුර පසළොස්‌වක පොහොය

වප් පුර පසළොස්‌වක පොහොය අද දිනට යෙදී ඇත. කඨින වීවර මාසයේ ආරම්භක දිනය මෙන්ම වස්‌සාන සමයේ අවසන් පුර පසළොස්‌වක පොහොය දිනය වන්නේ ද අදයි . පෙර වස්‌ විසූ උපසපන් භික්‌ෂුන් වහන්සේලා වස්‌ පවාරණ විනය කර්මය සිදු කරන්නේ තම මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කිරීමට බුදුරදුන් තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස්‌ කාලය ගත කොට නැවත දඹදිව සංකස්‌ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය. අරිට්‌ඨ තෙරුන් ප්‍රධාන සංඝරත්නයේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කළේ වප් පෝය දිනයකදීය. ඒ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ අනුශාසනා පරිදිය. එමෙන්ම දේවානම්පියතිස්‌ස රජුගේ අනුග්‍රහයෙන් ලංකාවේ භික්‌ෂුණි සසුන පිහිටුවීම සඳහා භික්‌ෂුන් වහන්සේලා පිරිසක්‌ ලංකාවට වැඩම කර වීමට දූත පිරිසක්‌ දඹදිව අශෝක රජු වෙත පිටත් කර හැරියේ ද අද වන් වප් පුර පොහෝ දිනකය.