Athlete Anuradha Indrajith Cooray

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

මෙවර රියෝ ඔලිම්පික් උළෙලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ අද්ත්දකිම් බහුල ක්‍රීඩකයා වන්නේ මැරතන් ධාවන ශුර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ .

මේ ඔහු සහභාගී වන තුන්වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි

මෙවර රියෝ ඔලිම්පික් උළෙල පිළිබද ඇති බලාපොරොත්තුව ගැන අනුරාධ  ඉන්ද්‍රජිත් කුරේ සිත fm  sports special සමග සංවාදයකට එක්වුණා .

 

 

ප්‍ර –  අනුරාධ රියෝ ඔලිම්පික් උළෙලට තවත් කෙටි කලයි තියෙන්නේ  කොහොමද ඔබේ සුදානම

පි -මම මේ දවස්වල කෙන්යාවේ පුහුණුවීම් කලා .හොද තරගයක යෙදෙන්න සුදානමින් ඉන්නේ .රියෝ නගරයේ පවතින දේශගුණය පිලිබදවත් අවධානය කින්  ඉන්න ඕනි  තරගයට පෙර

 

ප්‍ර – ඔලිම්පික් උළෙලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වීමට බලාපොරොත්තුවක් නැද්ද

පි-අනිවාර්යෙන්ම තියෙනවා .ඒ සදහා  හොදම සුදුසුකම්  තියෙන්නේ මටයි .පසුගියවර එය මට ලැබුනේ නැහැ .මේ වර ඔලිම්පික් තරගාවලියේ දී මම එය බලාපොරොත්තු වෙනවා

 

ප්‍ර -සුදුසුකම් කියල ඔබ අදහස් කලේ මොනවාද ?

පි – මේ මගේ තුන්වන ඔලිම්පික් තරගාවලිය. තරගාවලි තුනටම මම යන්නේ සුදුසුකම් ලබාගෙන මම ජාත්‍යන්තර තරගාවලි ගණනාවක පදක්කම් දිනපු කෙනක් .මේ ඔලිම්පික් තරගාවලියට යන කණ්ඩායමේ පළපුරුදුම කෙනා මම .එකේ සැකයක් නැහැ .

 

ප්‍ර -මේ ඔබේ තෙවැනි ඔලිම්පික් තරගාවලිය,සිවුවැනි ඔලිම්පික් තරගාවලියට ත්  ඔබ ක්‍රීඩා කරනවද

පි -බැරිකමක් නැහැ .එක තීරණය කරන්න ඕන මේ රටේ ක්‍රීඩා බලධාරීන් ,වෙනත් ක්‍රීඩකයින් සමග බලද්දී  මට ලබාදුන්නේ අඩු පහසුකම් .මම මගේ වියදමින් තමයි මම පුහුණුවීම් වලට වැඩිපුර කෙන්යාවට ගියේ .මට ක්‍රීඩා කරන්න පුළුවන් වුනත් වියදම් දරන්න බැරිවෙයි .

Athlete Anuradha Indrajith Cooray

ශ්‍රී ලංකා මළල ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ