Sri Lankan Currency

පොඩි කොළ ගැන දැනගමු.

ශ්‍රී ලංකා මහබැංකුවේ 11 වැනි මුදල් නෝට්ටු කාණ්ඩය නිකුත් කලේ 2011 වර්ෂයේදී. මේ ඒ පිළිබඳව ඔබගේ දැනගැනීම පිණිස සිත FM IQ මිටරේ තබන සටහනක්.

ශ්‍රී ලංකා මහබැංකුවේ 11 වැනි මුදල් නෝට්ටු කාණ්ඩය නිකුත් කලේ 2011 වර්ෂයේදී . එහි තේමාව වුනේ සංවර්ධනය සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පින් . මේ කාණ්ඩයට රුපියල් 20, 50, 100, 500, 1000, 5000 වටිනාකම් සහිත නෝට්ටු ඇතුලත් වුණා. ඒ වගේම රුපියල් 5000 වටිනාකම සහිත මුදල් නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රථම වරට නිතුක් කලේ 2011 වසරේදී.

රුපියල් 20 නෝට්ටුව

මදටිය පැහැයෙන් යුත් රුපියල් 20 නෝට්ටුවේ මුහුණත මැද දැක්වෙන්නේ කොළඹ වරායේ වත්මන් දර්ශනයක් හා ඊට පසුබිමින් එහි පැරණි දර්ශනයක් දැක්වෙනවා. නෝට්ටුවේ දකුණුපසට වෙන්න ශ්‍රී ලංකා පඩුකන්  බස්සා ( පඩුවන් බස්සා ) සහ නෝට්ටුවේ වම්පස පහළට වන්නට නිල්ගල සමනළයා දැකගන්න පුළුවන්. නෝට්ටුවේ පිටුපස උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වෙස් නැටුම් ශිල්පියෙක් සහ ගැටබෙර වාදන ශිල්පියෙක් ද පුන්කලස සහිත මුරගලක් සහ තනි ලියවැලක් දක්වා තිබෙනවා.

රුපියල් 50 නෝට්ටුව

මුහුණතේ දැක්වෙන්නේ මනම්පිටියේ ඉදිකළ නව පාලම සහ පසෙකින් දුම්රිය මාර්ගය හා එක්ව ගමන් කරන්නා වූ පැරණි පාලම  සහ දෙමෝදර ආරුක්කු නවයේ පාලම දැකගන්න පුළුවන්. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අනු මැසිමාර ද නෝට්ටුවේ වම්පස පහළට වන්නට පිටනිල් කොළයා නමැති සමනළයා දැකගන්න පුළුවන්. නෝට්ටුව පිටුපස පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් වඩිග පටුන නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක්බෙර වාදන ශිල්පියෙක් ද , පුන් කලස සහිත මුරගලක් සහ තනි ලියවැලක් දැකගන්න පුළුවන්.

රුපියල් 100 නෝට්ටුව

මුහුණත දැක්වෙන්නේ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය සහ ඊට පසුබිමින් විදුලි රැහැන් සමගින් දිස්වන ලක්ෂපාන දිය ඇල්ල දැකගන්න පුළුවන්. නෝට්ටුවේ දකුණු පසින් ශ්‍රී ලංකාවේ රතු දෙමලිච්චා ද වම් පසින් පහලට වන්නට සරා කොළයා නමැති සමනළයා දැකගන්න පුළුවන්. නෝට්ටුවේ පිටුපස දැක්වෙන්නේ ඉන්දීය ශ්‍රාස්තීය සම්ප්‍රදායට අයත් භරත නැටුමේ යෙදෙන ශිල්පිනියක්, මෘදංග බෙරවාදන ශිල්පියෙක් , නාගරාජ මුරගලක් සහ ද්විත්ව ලියවැලක් දැකගන්න පුළුවන්.

Sri Lankan Currency Infography

 

ලොකු ලොකු කොළ ගැනත් ලගදීම බලාපොරොත්තු වන්න.

තව විස්තර දැනගන්න සතියේ දිනවල 4.00 – 6.00 ත් අතර සිත FM – IQ මීටරේ අහන්න.

2 Comments

  1. kanchana

    thank u.very much for valuble details..

    Reply

  2. Pahan

    This was really helpful. Good work Sitha!

    Reply