full-moon

ඉල් පුර පසලොස්වක පොහොය

බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඉල් පොහොය දිනය සම්බන්ධවීම නිසා එය බෞද්ධ ඉතිහාසයෙහි බලවත් තැනෙක්හි ලා සැලකිය හැකි ය. එම සිදුවීම් නම්,

1. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම
2. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය.
4. අගසව් සැරියුත් තෙරණුවෝ  පිරිනිවන් පෑම.
5. කඨින චීවරය පූජා කළ හැකි  අවසන් දිනය වීම.

මෛත්‍රි බෝසතුන් දෙව් ලොවින් චුතව අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සංකස්‌ස නුවර සිරිවඩ්ඩ නම් කෙළෙඹියාට පුත්ව ඉපදී දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් පැහැදී පැවිදිව නියත විවරණ ලබාගත්හ. පළමුවෙන් සම්බුදු සසුනේ පැවිදි වූ හැට දෙනා වහන්සේ ඇමතූ බුදුරාජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දූත කණ්‌ඩායම පිටත් කර හැරියේ සම්බුද්ධත්වයට පත්වී එළැඹෙන පළමු ඉල් පුර පසළොස්‌වක පෝදාය. අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ අන්තිම වරට බුදුරජාණන් වහන්සේ දැක ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස· මම දැන් ජරාජීර්ණ වෙමි. මෙයින් සත් දිනක්‌ ගිය තැන මම මේ ශරීරයේ බැහැර වන්නෙමියි පවසා වැඩම කොට සත්වැනි දිනයේදී නාලක ගමේ තම මෑණියන්ගේ නිවසේදී අද වන් පොහෝ දිනක පිරිවන් පෑහ.නිකිණි පුන් පොහෝ දා පෝය කර අව පැළවිය දා පසුවස් සමාදන් ව ඉල් පොහෝ දා පසු වස් පවාරණය කරයි. දායකයන් ප්‍රදානය කරන සිව් පසය ද ලබමින් බණ භාවනාවෙහි යෙදෙන භික්‍ෂූන් වහන්සේලා මාර්ගඵල වෙතට එළැඹෙන වස්සාන සමයේ ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙමින් මහත් පින් ඵල නෙලා ගත හැකි මෙම ඉල් පොහොය කඨින චීවර මාසයේ අවසන් දිනයයි. එසේම ලංකාවේ බුදු සසුන පිහිටුවීමෙන් පසුව ගොඩනංවන ලද මුල් සෑය වූ ථූපාරාම ස්ථූපයේ නිධන් කිරීම පිණිස සුමණ සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට බුදුරාජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව සමග ධර්මාශෝක නිරිඳුන් පරිත්‍යාග කරන ලද පාත්‍රයක්‌ පමණ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රථම වරට ලංකාවට වැඩම කරවන ලද්දේ ඉල් පුර පසළොස්‌වක පොහෝදාය.