dinesh priyantha

අහිමි දෑතේ සවියෙන් සැබෑ වුනු ඔලිම්පික් සිහිනය 

ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් විශ්වයේ ක්‍රීඩාවේ අපුර්වත්වයේ සංකේතයක් බදුයි .එදා මෙදා තුර ඉතිහාසයේ ඔලිම්පික් සහ පැරා ඔලිම්පික්  ජයග්‍රහණයක් සැබෑ කරගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු පමණයි. ඩන්කන් වයිට්, සුසන්තිකා සහ ප්‍රදීප් සංජය  ඒ සිහිනය යථාර්තයක් කරගත් ශ්‍රී ලාංකිකයින්.

Sri Lankan Olympic winners

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමන්තුවේ දිනේෂ් ප්‍රියන්ත ඔලිම්පික්  ජයග්‍රහණයක් සැබෑ කරගත් තවත් ශ්‍රී ලාංකිකයෙකු බවට පත්වුණේ මෙවර රියෝ පැරා ඔලිම්පික් තරගාවලියේදී. 2008 වසරේ යුධ සමයේ දී කිලිනොච්චියේදී සතුරු වෙඩි පහරකින් සිය අතක් සදාකාලිකව අප්‍රනික වුන දා තමන්ට යලිත් ලොවක් දින්නට හැකිවේතැයි නොසිතන්නට ඇත. එහෙත් සියල්ල නැතිවුනා සේ සියල්ල යලි ඇතිවන්නට හැකියාවක් ඇතිබව පසක්කරමින් වසර කිහිපයකින් එක් අතක් අප්‍රාණික දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයෙකු බවට පත්විය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමන්තුවේ ගජබා රෙජිමේන්තුවේ ද  අපමණ දායකත්වයක් ලැබුන බව නම් නොරහසක්.

Dinesh Priyanth

1986 දී අනුරාධපුර ඉපලෝගම දී උපත ලැබූ දිනේෂ් ප්‍රියන්ත ගේ ජිවන ගමන සැබෑ ලෙසින් වෙනස් කරමින්  මෙවර රියෝ පැරා ඔලිම්පික් තරගාවලියේදී T 46 ඛාන්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නා ඒ ප්‍රදීප් සංජය ගෙන් පසු පැරා ඔලිම්පික් තරග බිමේ ශ්‍රී ලංකාවට දෙවන පදක්කම දිනා දෙමින්. දිනේෂ් ප්‍රියන්ත ගේ ජයග්‍රහණය අපේ රටේ ක්‍රීඩාවේ පදක්කම් නියගයට වැසි බිදක් හෝ එක් කල බව නම් නොරහසක්. එක අතක් අහිමිව තනි අතක සවියෙන් ජීවිතය ජයගන්නට වෙරදරමින් සිටි  දිනේෂ් ප්‍රියන්ත ජිවිතයට මේ පදක්කම ආලෝකයක් වනවා නම් එය ක්‍රීඩාවේ ලබන සුවිශේෂීම ජයග්‍රහණය වනු ඇති.

සටහන – ඉසුරු භානුක